හෘදයාබාධ

හදිසියේම හදවතට රුධිරය සැපයීමට බාධා ඇති වීම හේතුවෙන් හර්ද රෝග ඇති වේ. මෙම සැපයුම නොමැති කමින් හර්ද පේශි වලට හානි පැමිණීමට හෝ හර්ද පේශි මියයාමට ඉඩ ඇත. ප්‍රතිකාර නොමැති වුවහොත් මෙම පේශි යථාතත්වයට පත් කල නොහැකි පරිදි හානි වේ. හෘදයේ විශාල කොටසකට මේ ආකාරයෙන් හානි සිදුවුවහොත්හර්ද ස්පන්දනය නතර වී (හෘදයාබාධයක් ලෙස හැඳින්වේ) මරණයට පත්වේ.

කිරීටක හෘද රෝග

කිරීටක හෘද රෝග (CHD) හෘදයාබාධවලට ප්‍රධානතම හේතුව වේ. කිරීටක හර්ද රෝගය යනු, කිරීටක ධමනි (හදවතට රුධිරය සපයන ප්‍රධාන නාල) කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා අවහිර වීමය. මෙම තැන්පතු ප්ලැක්ස් (plaques) ලෙස හැඳින්වේ. හර්දයබාධයකට පෙරාතුව, මෙම ප්ලැක්ස් වලින් එකක් පිපිරේ. මෙම පිපිරීම ඇතිවූ ප්‍රදේශයේ රුධිර කැටියක් වර්ධනය වීම සිදුවේ. මෙම රුධිර කැටිය මගින් හදවතට රුධිරය සැපයීම අවහිර විය හැකි අතර එය හර්දයාබාධයකට මුල පුරයි. ඔබට කිරීටක හර්ද රෝග වර්ධනය වීමේ අවදානම පහත දේවල් නිසා වැඩිවිය හැක:

මෙම රෝගය සඳහා අඩුවෙන් බලපාන හේතු

අඩුවෙන් බලපාන සමහර හේතු පහත පරිදි විස්තර කෙරේ. මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය - කොකේන් වැනි උත්තේජක ස්පීඩ් (speed) වලට කිරීටක ධමනි කුඩා කල හැකි අතර ඒවා රුධිර සැපයුම සීමා කරන අතර එය හර්දයාබාධා වලට මුල පුරයි. හර්ද රෝග නිසා හදිසියේ මිය යන තරුණ අයගේ මරණ වලට කොකේන් භාවිතය නිසා ඇතිවන හර්ද රෝග ප්‍රධාන තැනක් ගනී. රුධිරයේ ඔක්සිජන් නොමැතිකම කාබන් මොනොක්සයිඩ් විෂවීම හෝ සාමාන්‍ය පෙනහළු ක්‍රියාකාරිත්වය නොමැති වීමෙන් රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වුවහොත්, හෘදයට ඔක්සිජන් රහිත රුධිරය ලැබෙනු ඇත. මෙමගින් හෘද පේශිවලට හානියක් සිදුවන අතර හෘදයාබාධයක් ඇතිවිය හැක.